ඔබේ ගෙවත්තට පෝෂණීය සහ දුර්ලභ අස්වැන්නක් – Pemdas Garden සුදු සෝගම්!
සුදු ඉරිඟු හෙවත් සුදු සෝගම් (Sorghum) යනු අතීතයේ සිටම හෙළ ගොවියා අතර ප්‍රචලිත, පෝෂණ ගුණයෙන් ඉහළ ධාන්‍ය වර්ගයකි. වර්තමානයේ ලංකාවේ ඉතා දුර්ලභ මෙම වගාව ඉතා පහසුවෙන් ඔබේ ගෙවත්තේ වගා කිරීමට දැන් අප ඔබට අවස්ථාව සලසා දී ඇත.
අපේ බීජ වල විශේෂත්වය:
-
ගුණාත්මකභාවය: අපි ලබා දෙන්නේ 100% ක්ම ස්වභාවික සහ උසස්ම ප්‍රමිතියේ (Genuine Seeds) බීජ පමණි.
-
පරීක්ෂා කරන ලද බීජ: අලෙවියට පෙර සෑම බීජ කාණ්ඩයකම පැලවීමේ ප්‍රතිශතය අප විසින් පරීක්ෂා කර සහතික කරනු ලබයි.
-
විශාල ප්‍රමාණයක්: සෑම පැකේජයකම බීජ 50කට වඩා අඩංගු වන බැවින් ඔබට සාර්ථක වගාවක් ආරම්භ කළ හැක.
-
වගා උපදෙස්: බීජ ප්‍රරෝහණය කරගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි උපදෙස් පත්‍රිකාවක් නොමිලේ ලබා දෙනු ලැබේ.
වගා කරන ආකාරය (කෙටියෙන්): හොඳින් හිරු එළිය ලැබෙන, ජලය බැස යන පසක මෙම බීජ පහසුවෙන් සිටුවිය හැක. සෝගම් වගාව සාමාන්‍ය ඉරිඟු වගාවට වඩා ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන අතර ඉතා අඩු සාත්තුවකින් ඉහළ අස්වැන්නක් ලබා දෙයි.
පැකේජය තුළ අඩංගු දෑ:
-
උසස් තත්ත්වයේ සුදු සෝගම් බීජ 50+
-
බීජ ප්‍රරෝහණ උපදෙස් පත්‍රිකාව











Reviews
There are no reviews yet.